13වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (21දා) පැවැති තරගයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ලකුණු 10ක තියුණු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ 03වැනි තරගය ලෙස ඩුබායිහි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 163/5ක් රැස් කිරීමට සමත් විය. අයි.පී.එල්. කුලුදුල් තරගයට ක්‍රීඩා කළ දේව්දත් පඩික්කල් (56) හා ඒ.බී. ඩිවිලියර්ස් (51) අර්ධ ශතක රැස්කරමින් බැංගලෝර් ඉනිම ගොඩනැගූහ.
මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 153ක් පමණි. ජොනී බෙයාස්ටෝව් (61) හයිද්‍රාබාද් ඉනිමේ ඉහළම ලකුණුලාභියා විය. බැංගලොර් ජයග්‍රහණයේ නියමුවා වූ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 03ක් (3/18) දවාගත් අතර, ඔහුගේ අගනා පන්දු යැවීම ඉදිරියේ සන්රයිසර්ස් දිනවීමට සිටි බෙයාස්ටෝව් මෙන්ම මනීෂ් පාණ්ඩේ හා විජේ ශංකර්ගේ ඉනිම්ද අවසන් වූහ. චහාල් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.
මෙවර අයි.පී.එල්. තරගාවලියේ එකම ශ්‍රී ලංකා නියෝජනය වන ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායමට ඇතුළත්ව සිටියි. කෙසේ නමුත් මෙම තරගයට ඉසුරු ක්‍රීඩා නොකළේය.