බංග්ලාදේශයේදි ලබන ඔක්තෝබර් මස ආරම්භවිමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්රි ලංකා කාන්තා ක්රිකට් ක්රීඩිකාවෝ සමත්වූහ.
ඒ ඊයේ පැවැති අවසන් මහ තරගයේදි ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජය කරමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම පන්දුවාර 20 තුළදි කඩුලු 5 කට ලකුණු 169ක් රැස්කළේය.
එහිදි නායක චමරි අතපත්තු විශිෂ්ඨ ඉනිමක් ක්රිඩා කරමින් පන්දු 63කදි ලකුණු 102ක් රැස්කිරිමට සමත්වූයේ හතරේ පහර 13ක් හා හයේ පහර 4ක් සමගිනි. ඒ අනුව ඇය තරගයේ විරවරිය ලෙසද සම්මාන ලැබුවාය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 20දි කඩුලු 7ට ලකුණු 101ක් රැස් කළේය.