මේ වන විට සිම්බාබ්වේහි තරග සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) සමගින් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. අයි.සී.සී ය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රීයාමර්ගයක් ගැනීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් ඔවුන් සමගින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමගින් සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.
අප්‍රිකානු මහද්වීපයේ පැතිරීයන නව කෝවිඩ්-19 වෛරස ප්‍රභේදයක් හේතුවෙන් සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6 කින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් මාර්ගෝපදේශයක් නිකුත් කර ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙරටට පැමිණීමේ ගැටළුවක් මතුවී ඇත.
මෙම තරගාවලිය එළඹෙන 2022 වර්ෂයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) දා බ.ඉ.කොදෙව් කොදෙව් කාන්තා කණ්ඩායම සමගින්ද තරග වැදීමට නියමිතව ඇත.