පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින් මෙවර කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
අවසන් පූර්ව තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ට ලකුණු 140ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක්විමට පෙර දැවි ගියද නායකත්වයේ වගකීම මැනවින් ඉටුකළ චමරි සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් වුවත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 48කදී ලකුණු 63ක් රැස්කරමින් ඉනිම ස්ථාවර කළාය.
ඉන් අනතුරුව ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රිඩා කළ අනුෂ්කා සංජිවනී පන්දු 22කදී ලකුණු 24ක් රැස්කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ස්ථිර කළාය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයකට තේරී පත්වූයේ 6 වැනි අවස්ථාවට වෙයි. මේ දක්වා කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 8ක් පවත්වා ඇති අතර මෙවර .තරගාවලිය නොමැතිව අවස්ථා පහකදි ශ්‍රි ලංකාව අවසන් මහ තරගවලට සුදුසුකම් ලබා තිබුණි.
කෙසේ වෙතත් ඒ සියලු අවස්ථාවලදී ශ්‍රී ලංකාව අනුශූරියන් ලෙස තරගාවලිය නිම කර තිබේ. තරගාවලි අටේම ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇති අතර එහිදී අවස්ථා 7කදීම ඔවුන් ශූරියන් බවට පත්ව තිබේ. එක් අවස්ථාවක් ඉන්දියාව පරදමින් බංග්ලාදේශය ශූරතාව හිමිකර ගෙන තිබේ.
පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ජයගත් හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්විමට නියමිත අවසන් මහ තරගය 28 දා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතව තිබේ.