කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන් පරාජය කරමිනි.
මෙවර පැවැත්වූයේ 9 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වන අතර ඉන් අවස්ථා පහකදීම ශ්‍රී ලංකාව අනුශුරයන් බවට පත්ව තිබුණි.
අවස්ථා 7කදීම ශූරතාව හිමිකරගෙන තිබුණේ ඉන්දියාවයි. එක් අවස්ථාවකදී බංග්ලාදේශය ශූරතාව හිමිකර තිබුණි.
මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු කඩුලු 6ට ලකුණු 165ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ඉලක්කයක් ලබාදුන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7ක් තුළ දැවී ගියත් නායක චමරි අතපත්තු (61 (පන්දු 43)) හා හර්ෂිතා සමරවික්‍රම (69* (පන්දු 51)) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් පවත්වමින් තරගය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේය.
මුළු ලකුණු සංඛ්‍යාව 94දී චමරි දැවී ගිය අතර ඉන් අනතුරුව වගකිම කරට ගත් හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමකෙන ඉනිමක් ක්‍රීඩා කරමින් නවක ක්‍රීඩිකා කවීෂා දිල්හාරි (30* (පන්දු 16) සමග එක්ව නොබිඳුනු ලකුණු 73ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් කුසලානයක් දිනා දුන්නාය