ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් සිදු කරන්නේද යන්න පිළිබඳ‘ අවසන් තීන්දුව ඊයේ (20දා) රාත්රියේදී ගැනීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා 'අද' පුවත්පතට පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතා සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සිටින ශ්‍රී ලංකා කළමනාකරු අසංක ගුරුසිංහ, පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙන්ම ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්වද සම්බන්ධ කර ගනිමින් එම සාකච්ඡාව සිදු කරන බවයි.
ඒ අනුව දිනේෂ් චන්දිමාල්ට ලබාදුන් දඬුවමට අභියාචනයක් ඉදිරිපත් කරන්නේද නැතිද යන්න අවසන් තීන්දුවක් ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් තරගය (දිවා රාත්‍රී ටෙස්ට් තරගය) තහනම් කෙරුණු අතර, තරග ගාස්තුවෙන් 100%ක දඩයක් හා අසාදු ලකුණු 02ක්ද තහනමට එක්විය.
අයි.සී.සී. තරග නීතිරීතිවල 2.2.9 යන වගන්තිය උල්ලංඝනය කර ඇති බවට සඳහන් කරමින් අයි.සී.සී.ය විසින් චන්දිමාල් මෙලෙස වැරදිකරු කර තරග තහනමක් සහ දඩ පමුණුවා තිබේ.