සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව මේ විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 88ක් ලබා සිටියහ.
දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ද දිමුත් කරුණාරත්න ලකුණු 34ක් ලබා මේ වන විට කඩුල්ලේ රැඳී සිටින්නේය.