පන්දුව පළුඳු කිරිමේ චෝදනා යටතේ තමන්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැනවූ තරග තහනමට හා දඬ මුදලට එරෙහිව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තරග තීරක ජවගල්ලේ ශ්‍රීනාත්ට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙය සිය ට්විටර් ගිණුම මගින් තහවුරු කළේය.
චන්දිමාල්ට අවසන් ටෙස්ට් තරගය තහනම් කිරීමටත් තරග ගාස්තුවෙන් 100%ක දඬයක් පැනවීමටත් තරග තීරකවරයා තීරණය කළේය.
චන්දිමාල් ඇපෑල ගොනු කිරිමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීතිඥයින් හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර මේ සම්බන්ධයෙන් නීතිමය ගැටුමක් ඇතිවෙනු ඇත.
චන්දිමාල් ඇපෑල ගොනුකිරිමත් සමගින් ඔහුට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබී තිබේ. එසේම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහටත් තරගයට සම්බන්ධවීමට අවස්ථාව ලැබේ.
යම් හෙයකින් මෙම ඇපෑල පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියේ තරග කිහිපයක් ඔවුන්ට අහිමිවෙනු ඇතැයිද වාර්තාවෙයි.