කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබේ.
සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් 60කට ඔහු විසින් වියළි ආහාර සළාක බෙදා දීමට කටයුතු කරන ලදී.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදගම සහ තවත් දුෂ්කර ගම්මාන තුනක අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සළාක මලු බෙදාදීමට පියවර ගෙන ඇත.
සුරංග ලක්මාල් සහ ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය වන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 450කට මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබුණි.
මීට පෙර හිටපු ක්‍රිකට් නායකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන උතුරු ප්‍රදේශයේ මෙන්ම ඊට අමතරව කෑගල්ල සහ රුක්මල්ගම ප්‍රදේශවල පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට කටයුතු කර තිබුණි.
එසේම දින කිහිපයකට පෙර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් ද කොළඹ මහ රෝහලට සහ හෝමගම රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළහ.
පැතුම් ශ්‍රී විජේරත්න/ඡායාරූප - රංජන් පරණවිතාන