නිරෝෂන් දික්වැල්ලගේ දක්ෂ පිතිහරඹට අපතේ යවමින් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ලකුනු 25 කින් පරාජයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්ට සිදුවිය. තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.
මෙය ගෝල් කණ්ඩායම තරගාවලියේ ලැබූ පළමු පරාජය විය.
තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ගෝල් ක්රීඩකයින් කඩුළු 6 ක් දැවී ලකුනු 174 ක් රැස් කලේය. ළහිරු උදාර දක්ෂ පිතිහරඹයක නිරතවෙමින් පන්දු 30 දී ලකුනු 45 ක් රැස් කලේය. ඊට අමතරව නායක කුසල් මෙන්ඩිස් ලකුනු 39 ක් හා තනුක දාබරේ ලකුනු 36 ක් බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 2 ක් දවාලීය.
පිලිතුරු ඉනිම ක්රීඩා කළ කලම්බු කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 149 ක් පමණි. නිරෝෂන් දික්වැල්ල පන්දු 44කදී ලකුනු 58 ක්ද රවී බොපාරා ලකුනු 46 ක්ද රැස් කළද ඔවුන්ට ජයග්රහණයට ඒය ප්රමාණවත් නොවීය. පන්දුයැවීමේදී නුවන් ප්රදීප්, වහාබ් රියාස් හා ඉෆ්තිකාර් අහ්මඩ් කඩුළු 2 බැගින් බිද හෙලීය.
මෙම ජයග්රහණයත් සමගින් තරගාවලියේ ප්රසාද ලකුනු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහලට නැගීමට ගෝල් ග්ලැඩියේටර්ස් සමත්විය.
තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු උදාරට හිමිවිය.
ළහිරු උදාර පන්දුවට පහරදෙමින්