බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඒක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒංගලනත්යේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ගේල් ප්‍රකාශ කරයි.
“ සත්‍යවශයෙන්ම පන්දුවාර 50 ක්‍රිකට් තරගවල අවසානය ලෝක කුසලාන තරගාවලියයි. ලෝක කුසලානය ජයගැනීමට හැකිවුණොත් එය හොඳ සමුගැනීමක් වේවි. තරුණ ක්‍රීඩකයන් මට එය දිනාදීමට ණය ගැතියි.
ඔවුන්ට එය මම වෙනුවෙන් කරන්න වෙනවා. මම මගේ දායකත්වයත් ලබාදෙන්න් ඉන්නේ.”
කෙසේ වෙතත් ගේල් විස්සයි20 ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමක් මේ දක්වා ප්‍රකාශ කර නොමැත.