ඉන්දියාවේ ඉපිද දකුණු අප්‍රිකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන ගුලාම් බෝදි තරග පාවාදීම් වෙනුවෙන් වරද පිළිගෙන තිබේ.
ඒ අනුව තරග පාවාදීමේ වරද පිළිගත් මෙන්ම එරට නව නීති අනුව තරග පාවාදීම් සඳමා වරදකරුවෙක් බවට පත්වන පළමු ක්‍රීඩකා බවට ගුලාම් පත්වෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
ඔහුට වසර 15ක් දක්වා සිර දඩුවම් නියම වීමට නියමිතය. 2000 වසරේදී හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක හැන්සි කොන්යේගේ තරග පාවාදීමේ සිදුවීමෙන් පසුව එරටට නව නීති හඳුන්වා දුන් අතර දැන් දකුණු අප්‍රිකාව තුළ තරග පාවාදීම අපරාධයකි.