ඉන්දීය ක්‍රිකට් ආයතනය පළමුවරට පවත්වනු ලබන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායිකාව ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මූනි නම් කර ඇත.
නිමා වූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඇය නොදැවී ලකුණු 74ක් රැස්කරමින්, ඔස්ට්‍රේලියාවට 06 වැනි වරටත් ලෝක ශූරයන්වීමට වැඩි දායක්වයක් ලබා දුන්නාය.
ඔස්ට්‍රේලියාව විස්සයි20 ලෝක ශූරයන් වූ 2018 සහ 2020 වර්ෂයන්හිදීද ඇය කණ්ඩායම් සමාජිකාවක වූවාය. මූනි, විස්සයි20 ශතක 02ක් ලබාගත් එකම ඔස්ට්‍රේලියානු පිතිකාරිනියද වෙයි. කෙසේ නමුත් ඇය විදේශ විස්සයි20 ලීගයක කණ්ඩායමක් මෙහෙයවන පළමු අවස්ථාව මෙය වනු ඇත.
මෙම තරගාවලිය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී මූනිව ඉන්දීය රුපියල් කෝටි 02කට නැතහොත් ඇ.ඩො. 244,000කට ගුජරාට් ජයන්ට්ස් මිලදී ගත්තේය.
ගුජරාට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩිකා රේචන් හේන්ස් කටයුතු කරනු ලබන අතර, ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ස්නේහ් රානා උපනායකයාව ලෙස නම් කර ඇත.
මෙම තරගාවලිය එළබෙන සෙනසුරාදා (04දා) ආරම්භ කිරීමට නියමිතව ඇත.