ඩයලොග් ජනාධිපති රන් කුසලාන අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය දිනාගත් අතර, එහි කාන්තා ශූරතාව රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.
මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පෙරේදා (26දා) පැවැති පිරිමි අවසන් මහා තරගයට ගම්පහ සියනෑ තරු සමගින් දෙබෑගම රන්තරු තරග වැදුණි. එහිදී ඉතා තියුණු සටනකින් පසු තරග වට 3/2ක ජයක් සියනෑ තරු කණ්ඩායමට හිමි විය.
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සියනෑ තරු කණ්ඩායමේ චාමර හිමිරාන් සම්මාන දිනාගත්තේය. මීට අමතරව දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙස රූකාන්ත පතිරණ (රන්තරු), දක්ෂම පන්දු ගොඩගන්නා ලෙස ධනුෂ්ක උදයංග (සියනෑ තරු), දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස මොරිස් චමින්ද (සියනෑ තරු), දක්ෂතම ප්‍රහාරකයා ලෙස ශානුක ඩිල්ෂාන් (රන්තරු), දක්ෂම පන්දු වළක්වන්නා ලෙස අයේෂ් ඩිල්ෂාන් (සියනෑ තරු) හා දක්ෂතම ආරක්ෂක ලෙස මනෝජ් සුරංග (රන්තරු) සම්මාන දිනාගත්හ.
ජ්‍යෙෂ්ඨ කාන්තා අවසන් තරගයේදී රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය හමුවේ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය තරග වට 3/1ක් ලෙස පරාජය විය. මෙම අංශයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායමේ නිලන්තිකා සංජීවනී සම්මාන දිනාගත්තාය.
මීට අමතරව දක්ෂතම පන්දු පිරිනමන්නිය ලෙස විරාජි චාමරිකා (ගෝල්ඩන් බර්ඩ්ස්), දක්ෂම පන්දු ගොඩගන්නා ලෙස ශ්‍යාමා මධුරංගි (ගෝල්ඩන් බර්ඩ්ස්), දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස රේණුකා පුෂ්පමාලි (ගෝල්ඩන් බර්ඩ්ස්), දක්ෂතම ප්‍රහාරකයා ලෙස ඉරේෂා උදයංගි (ගෝල්ඩන් බර්ඩ්ස්), දක්ෂම පන්දු වළක්වන්නා ලෙස ප්‍රීතිකා ප්රමෝධනී (රතනපාල) හා දක්ෂතම ආරක්ෂක ලෙස මධුෂිකා හර්ෂනී (රතනපාල) සම්මාන දිනාගත්හ.
මෙම තරගාවලියට සමගාමීව පැවැති අභියෝගතා කුසලාන තරගයේ පිරිමි ශූරතාව පොතුපිටිය ලකී ක්‍රීඩා සමාජය දිනාගත් අතර, එහි කාන්තා ශූරතාව කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයට හිමිවිය.
අභියෝගතා පිරිමි අවසන් තරගයේදී පොතුපිටිය ලකී කණ්ඩායම හමුවේ නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය තරග වට 3/1කින් පරාජය විය. මෙම අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අංජන සංදීප (ලකී) සම්මාන දිනාගත් අතර, දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස හශාන් මාලක (ලකී), දක්ෂතම ප්‍රහාරකයා ලෙස මහේල ඉන්දීවර (යුනයිටඩ්) සම්මාන දිනාගත්හ.
අභියෝගතා කුසලාන කාන්තා අවසන් තරයේදී කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය හමුවේ කෑගල්ල හයිද්‍රාමනි ක්‍රීඩා සමාජය තරග වට 3/1කින් පරාජය විය.
මෙහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චතුරිකා රණසිංහ (විජය) සම්මාන දිනාගනිද්දී, දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස ජේ.ඩබ්.පී. තුෂාරි (විජය) සහ දක්ෂතම ප්‍රහාරක ලෙස දිලුක්ෂි හර්ෂණී (හයිද්‍රාමනී) සම්මාන දිනාගත්හ.
ත්‍යාග ප්‍රධානය සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ, ඩයලොග් ආසියාටා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.