%කෝවිඩ්-19^ වෛරසය තවමත් පාලනය නොවූ පසුබිමක එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යමය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත.
තරගාවලිය ආරම්භ කිරීමට සති දෙකකට පෙර ක්‍රීඩකයන් සති දෙකක් නිරෝධායන වී සිටීම ඇතුළු ඉන්දීය ක්‍රිකට් ආයතනය හඳුන්වා දී තිබූ අනුගමනය කළ යුතු නීති මාලාවක් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය ඊයේ (30දා) සඳහන් කර තිබුණි.
ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් සති දෙකක් නිරෝධායනය වී සිටිය යුතු අතර, කෝවිඩ්-19 පරීක්ෂණ හතරකටද සියලුම ක්‍රීඩකයන් පෙනී සිටිය යුතුය. කෙසේ වෙතත් තරග නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර හිමි නොවන අතර, ක්‍රීඩක විවේකාගාරය තුළද ක්‍රීඩකයන් 15කට වඩා නොසිටිය යුතුය. එමෙන්ම විස්තර විචාරක කුටිය තුළද අඩි හයක පරතරයක් පවත්වාගත යුතුය.
මෙහිදී ඉන්දීය ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තරගයෙන් අනතුරුව පැවැත්වෙන ත්‍යාග ප්රදානෝත්සවය තුළදී සමාජ දුරස්ථභාවය අනිවාර්ය කරුණක් බවයි.
ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ, ක්‍රීඩකයන් පමණක් නොව ඔවුන්ගේ භාර්යාවන් හෝ පෙම්වතියන් මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් පවා තරගාවලියට සහභාගි වනවා නම් නිරෝධායනය සඳහා වන සම්මතයන් අනුගමනය කළ යුතු බවයි.
“ක්‍රීඩකයන් සමග ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටත් ගමන් කළ හැකිද යන්න ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් තවම තීරණය කර නැහැ. ඒ කෙසේ වෙතත් අපි සෑම කෙනෙකුම විශේෂයෙන් කණ්ඩායම් බස් රියැදුරන්ට පවා නිරෝධායන කාල සීමාවෙන් පසුවත් බාහිර සමාජයට පැමිණිය නොහැකියි. ඔවුන් නිරෝධායනය වූ පසු බාහිර කිසිවෙකුට ඔවුන් හා සම්බන්ධ වීමටත් නොහැකියි* ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසයි.
කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සකස් කරන ලද සම්මතයන්ට අනුකූලව අයි.පී.එල්. බලධාරීන්ද ඉහත නීති සකස් කර ඇත. ඒ අනුව ඉන්දියාවෙන් පිටත්ව යාමට පෙර පරීක්ෂණ දෙකක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිරෝධායන කාලය තුළ පරීක්ෂණ දෙකක් ලෙස සෑම ක්රීඩකයෙකුම %කෝවිඩ්-19^ පරීක්ෂණ හතරක් සඳහා පෙනී සිටිය යුතුව ඇත.
සාමාන්‍යයෙන් අයි.පී.එල්. තරගාවලියේ සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 20ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, සැලකිය යුතු සහායක කාර්යමණ්ඩලයක්ද සිටියි. කෙසේ නමුත් මෙවර නම් ලබාදී සිටින ක්‍රීඩකයන් වෙනස් කිරීමට කණ්ඩායම්වලට අවසර නැත. එමෙන්ම හෝටල්හි සේවකයන්ටද සිය රාජකාරී කිරීමට අවසර ලබාදෙන්නේ කෝවිඩ්-19 ඍණාත්මක බව සහතික කළ අයට පමණි.
මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ්-19 පාලනයක් අපේක්ෂා කරන අතර, ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ප්රේක්ෂයන්ට අයි.පී.එල්. සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පෙරේදා (29දා) වනවිට නව ආසාදිතයන් 375ක් හඳුනාගෙන ඇති අතර, ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59,921ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් ඉන් 53,202ක්ම මේ වනවිට සුවය ලබා ඇත.