ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා බවට විරාත් කෝලි නැවත වරක් පත්ව ඇත. එංගලන්ත කණ්ඩායම හා ට්‍රෙන්ට්බ්‍රිජ් හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා මේ සඳහා හේතු වී තිබේ. එම තරගයේදී ඉන්දියාව ලකුණු 203ක දැවැන්ත ජයක් ලැබූ අතර කෝලි ලකුණු 97ක් හා 103ක් රැස්කිරීමට සමත්විය.
මේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් 10 අතරට පැමිණීමට කෝලිට අවශ්‍ය ඇත්තේ එක් ලකුණක් පමණි.
ලෝකයේ ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවන ඩොන් බ්‍රැඩ්මන් (961) රැස්කරගෙන ඇත. ස්ටීව් ස්මිත් (947), ලෙන් හටන් (945), ජැක් හොබ්ස් හා රිකී පොන්ටින් (942), පීටර් මේ (941), ගැරී සෝබර්ස්, ක්ලයිඩ් වැල්කොට්, විවියන් රිචර්ඩ්ස් හා කුමාර් සංගක්කාර (938) පසුවෙයි.