නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ පිතිකරු බවට විරාත් කෝලි පත්ව තිබේ. ප්‍රසාද ලකුණු 934ක් සමගින් විරාත් කෝලි ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ මාස 34ක් අංක එකේ පිතිකරුවා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් අභිභවමනි.
ඔස්ට්‍රෙලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දුව පළුඳු කිරීමේ චෝදානාව හේතුවෙන් ස්මිත්ට මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තනහනම් පනවා තිබේ.
ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ශ්‍රේණිගත කිරම්වලද අංක එකේ පිතිකරුවා වෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන්නේද ඉන්දීය කණ්ඩායමයි.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය ටෙස්ට් පිතිකරුවෙක් ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව කෝලි රැස්කළ මෙම ලකුණු 934 වෙයි.
මීට පෙර සුනිල් ගවස්කාර 1979/09/03 දා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදි ප්‍රසාද ලකුණු 916ක් ලබාගෙන තිබුණි.
ඉන්දීය කණ්ඩායම හා එංගල්ත කණ්ඩායම අතර එංගලන්තයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී කෝලි පළමු ඉනිමේදී ශතකයක් (149) දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් (51) රැස්කිරීමට සමත්විය.
කෙසේ වෙතත් එම තරගයෙන් ඉන්දියාව ලකුණු 31ක පරජයක් ලැබීය.
ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාතරන්න (07), නායක දිනේෂ් චන්දිමාල් (08) ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 10 අත පසුව ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති.