ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සිය එක්දින දිවියේ 46 වැනි ශතකය වාර්තා කිරිමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ ශ්රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ කෝලි වාර්තා කළ දෙවැනි ශතකය මෙය වෙයි. එසේම ඔහුගේ අවසන් එක්දින ඉනිම 4 තුළ කෝලි ශතක තුනක් වාර්තා කිරීමට සමත්ව තිබෙයි.
කෝලි මේ අනුව එක්දින පිටියේ වැඩිම ශතක ප්රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයෙ පසුවෙයි. ඉන්දීය හිටපු නායක සචින් එක්දින ශතක 49ක් රැස්කළ වැඩිම එක්දින ශතක ප්රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස ඉදිියෙන් සිටියි.සචින්ගේ ශතක 49 වාර්තා වූයේ එක්දින තරග 463කින් වන අතර කෝලි ශතක 46 රැස් කළේ එක්දින තරග 268කිනි.
මේ අතර හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි අශේන් බණ්ඩාර හා ජෙෆ්රි වැන්ඩසේ පන්දුවක් රැක ගැනීමට යාමේදී එකිනෙකා ගැටීමෙන් අනතුරක් සිදුවිය.
ඉන් අනතුරුව ආරක්ෂිත ක්රම උපයෝගී කර ගනිමින් අශේන් පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.