මෙවර තරගාවලියේ මූලික වටයේදී තමන් සහභාගි වූ තෙවැනි තරගයෙනුත් නෙදර්ලන්තය හමුවේ ගෝල 2-0 ක පරාජයක් හිමිකර ගැනීමට සත්කාරක කටාර් කණ්ඩායම සිදුවිය.
ඒ් සමගින් ලෝක කුසලාන ඉතිහාසයේ සත්කාරක කණ්ඩායමක් දැක්වූ දුර්වලම ක්රීඩා විලාශය මෙවර තරගාවලියේ සත්කාරක කටාර් කණ්ඩායම පෙන්නුම් කලේය.
තරගාවලියේ පළමු තරගයෙන් ඉක්වදෝරය හමුවේ ගෝල 2-0 ක පරාජයක් ලැබූ කටාර් කණ්ඩායම ඉන්පසු සෙනගාලය හමුවේ ගෝල 3-1ක පරාජයක්ද හිමිකර ගත්තේය. ඔවුන් ඒම පරාජයත් සමගින් තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවටද පත්විය.
මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඇ.ඩො. මිලිය 220 ක (රු.කෝටි අටදහසකට අධික) මුදල් කන්දරාවක් වියදම් කළද තරගාවලියේදී සිය ප්රේක්ෂකයින් උදෙසා එකදු තරගයක් හෝ ජය ගැනීමට කටාර් කණ්ඩායම අසමත්විය.
මිට පෙර සත්කාරක කණ්ඩායමක් ලෝක කුසලානයේදී ලබාගත් දුර්වලම ප්රතිඵලය 2010 වර්ෂයේදී එවකට සත්කාරකත්වය දැරූ දකුණු අප්රිකාව විසින් පෙන්වා ඇත. ඒ් මූලික වටයෙන්ම ඉවත් වෙමිනි. කෙසේ වෙතත් එහිදී දකුණු අප්රිකාව සහභාගි වූ තරග 3 න් එක් තරගයක් ජයගෙන එකක් ජය පැරදුමින් තොරව නිමා කරගනිමින් එක් තරගයක් පරාජයට පත්විය.
ලෝකකුසලානයේදී සත්කාරක කණ්ඩායමක් මීට පෙර පැමිණි ගමන් මඟ
2018- රුසියාව (අර්ධ අවසන් පූර්ව වටය)
2014- බ්රසීලය (සිව්වැනි ස්ථානය)
2010- දකුණු අප්රිකාව (පළමු වටය)
2006- ජර්මනිය (තෙවැනි ස්ථානය)
2002- දකුණු කොරියාව (සිව්වැනි ස්ථානය) ,ජපානය (අවසන් 16 දෙනාගේ වටය)
1998 - ප්රංශය (ශූරතාව)
1994- ඇමරිකාව (අවසන් 16 දෙනාගේ වටය)
1990-තෙවැනි ස්ථානය
1986-මෙක්සිකෝව (අර්ධ අවසන් පූර්ව වටය)
1982-ස්පාඤ්ඤය (දෙවැනි වටය)
1978-ආර්ජන්ටිනාව (ශූරතාව)
1974- බටහිර ජර්මනිය (ශූරතාව)
1970-මෙක්සිකෝව (අර්ධ අවසන් පූර්ව වටය)
1966- එංගලන්තය (ශූරතාව)
1962- චිලී (තෙවැනි ස්ථානය)
1958- ස්වීඩනය (අනුශූරතාව)
1954- ස්විට්සර්ලන්තය (අර්ධ අවසන් පූර්ව වටය)
1950- බ්රසිලය (අනුශූරයින්)
1938- ප්රංශය (අර්ධ අවසන් පූර්ව වටය)
1934 - ඉතාලිය (ශූරතාව)
1930- උරුගුවේ (ශූරතාව)