ශ්රී ලංකාවේ කොළඹ නගරය තමන් පළමුවරට දුටු කොළඹ නගරයට වඩා බෙහෙවින් වෙනස්වී ඇතැයි දකුණු අප්රිකානු වේග පන්දු යවන ක්රීඩක ඩේල් ස්ටේන් පවසයි.
මාර්ග හොඳ හා පිරිසිදු බවත් උද්යානද අලංකාර වී ඇති බවත් ඔහු පවසයි.
2006 වසරේදී තමන් ශ්රී ලංකාවට පැමිණිවිට දිස්වූ තත්වත්වයට වඩා විශාල වෙනසක් දැන් කොළඹ දැක ගත හැකි බවත් එය විශ්මයට පත්කරවන්නක් බවත් ඔහු පවසයි.
දකුණු අප්රිකානු කණ්ඩායම මේ වන විට ශ්රී ලංකාවේ ක්රිකට් තරග සංචාරයකට ශ්රී ලංකාවට පැමිණ තිබේ.