ගාල්ල ග්ලැඩියේටරස් කණ්ඩායම හා කොළඹ ස්ටාරස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට කොළඹ ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.
භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 116/8ක් රැස්කළේය.
ඵිළිතුරු ඉනිම ක්රීඩා කළ ධනංජයද සිල්වාගේ නායකත්වයෙන් යුත් ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු 6ක් දැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
පිත්තෙන් (පන්දු 28, ලකුණු 24) හා පන්දුවෙන් (පන්දුවාර 4 ලකුණු 18 කඩුලු 2) දස්කම් දැක්වූ ධනංජද සිල්වා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.