ලොව පුරා තර්ජනයක් ලෙසින් මතුව ඇති කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වයට එරෙහිව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඊයේ (30දා) අයිස් හොකී ක්‍රීඩාවේ නිරතව තිබේ. ඒ බෙලරුස් රාජ්‍යයේ පැවති ආධුනික අයිස් හොකී තරගයකටයි. බෙලරුස් ජනාධිපතිවරයා ක්‍රීඩා කරන ලද මෙම තරගය නැරඹීම සඳහා 100 කට ආසන්න පිරිසක් එක්ව ඇත.
මීට අමතරව මේ වනවිට ලොව පුරා බොහෝ ක්‍රීඩා තරග අවලංගු කර ඇති මොහොතක බෙලාරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ පාපන්දු හා හොකී ක්‍රීඩාංගණ විවෘතව එහි තරග පැවැත්විය යුතු යැයි තීරණයකටද එළැඹ තිබේ.
තරගය අවසානයේ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝගේ පවසා ඇත්තේ අසල්වැසි රුසියාව වැනි රටවල්, හුදකලා කිරීමේ ක්‍රියාමාර්ග (Lockdown) සහ දේශ සීමා සීමා කිරීම සිදු කරත් බෙලරුස් රාජ්‍යය එවැනි ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන බවයි.
'මෙවැනි වසංගතයක් පවතින විට අනෙකුත් රටවල් ක්‍රීඩා තරග අවලංගු කර ඇති මොහොතක අපිට අපේ රටේ පාපන්දු ලීගය ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් පවතිනවා' යයි බෙලරුස් ජනපතිවරයා වැඩිදුරටත් පවසා තිබිණ.
බෙලරුස්හි ක්‍රීඩාංගණවලට ඇතුළු වන ප්‍රේක්ෂකයන්ට දෙඅත් සේදීම සඳහා විෂබීජ නාශක ලබා දෙන අතර සමහරුන්ගේ උෂ්ණත්වය වෛද්‍යවරුන් විසින් නිරතුරුව නිරීක්ෂණය කරනු ලැබේ.
බෙලරුස් රාජ්‍යය කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ දිනපතා සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත් නොකරන අතර, සංඛ්‍යාලේඛන ලබා ගත හැකි අවසාන දිනය වන පසුගිය සිකුරාදා වනවිට රට තුළ කොරෝනා රෝගීන් 94 ක් වාර්තා වී කිසිදු මරණයක් වාර්තා වී නොතිබිණ.