කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට මුහුණ දීම සඳහා තාවකාලිකව වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජයට අයත් සුප්‍රකට ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරය ලබා දී තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම බටහිර බෙංගාල ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය දරන හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි මේ බව අනාවරණය කළේය.
'රජය අපෙන් ඇසුවොත්, අපි නිසැකවම එම පහසුකම' ලබා දෙනවා. මේ වෙලාවේ අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරනවා. ඒ ගැන කිසිඳු ගැටළුවක් නැහැ' යනුවෙන් මීට පෙර හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයා පවසා තිබුණි.
එසේම, පොන්ඩිචෙරි ක්‍රිකට් සංගමය සිය ටුටිපෙට් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය කොරෝනා රෝගීන් සඳහා ලබාදී තිබේ. ඒ නිරෝධායන කටයුතු වඩාත් පහසු කිරීම සඳහාය.