ජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.
කෝපා ඉතාලියා කුසලානය මෙවර නාපෝලි කණ්ඩායම දිනාගත්තේ සිව්වැනි අවස්ථාවටය.
තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයේ නියමිත කාලයේදී කිසිම ක්‍රීඩකයෙකුට ගෝල වාර්තා කිරීමට නොහැකිවිය.
ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනිම වෙනුවෙන් දඩුවම් පහර අවස්ථාවට ගියේය.
කොපා ඉතාලියා අවසන් මහා තරඟයේදී දෙපාර්ශ්වය මුණගැසුණු 12 වැනි අවස්ථාව මෙයයි.
මෙම තරගය රටවල් 200 කට අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කළත් අවසන් තරගය නැරඹීම වෙනුවෙන් කිසිවෙකුටත් තරගය පැවැති ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවසර නොතිබුණි.