බංග්ලාදේශයේ ප්‍රිමියර් (ප්රමුඛ පෙළ) ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 50්ක් කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට එරෙහිව කටයුතු කිරීම සඳහා සකස් කර ඇති අරමුදලකට දායක වී තිබේ. මෙම මාසයේ සිම්බාබ්වේට එරෙහිව ක්‍රීඩා කළ සියලුම මධ්‍යම කොන්ත්‍රාත්තුව හිමි ගිවිසුම්ගත ක්‍රීඩකයින් සහ සෙසු අය මේ සඳහා බංග්ලාදේශ ටකා ලක්ශ 26 ක් (ඇමරිකානු ඩොලර් 32,500ක් පමණ) පරිත්‍යාග කර තිබුණි.
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකු මිය යාමත්, තවත් 44 දෙනෙකු ආසාදනය වී ඇති බවටත් වාර්තා වීමෙන් පසු මේ වනවිට බංග්ලාදේශය වසා දමා (Lockdown) ඇත. ස්වයං නිරෝධායනය සඳහා පුද්ගලයින් 15,000ක් පමණ මේ වනවිට යොමු කර ඇති අතර එරට යුද හමුදාව විසින් මෙම වැඩපිළිවෙල සිදුකරනු ලබයි.
එසේම බංග්ලාදේශයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් වන මෂ්රාෆ් මෝර්ටාසා, තමීම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන් ස්වයං නිරෝධායනය වී ඇති අතර, ඔවුන් සමාජ මාධ්‍යවල පණිවුඩ ලබා දී ඇත්තේ මිනිසුන්ට නිවසේ රැඳී සිටින ලෙසටයි.