සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
සූරියවැව මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ වසර දෙක හමාරකට පමණ පසුවය.
මෙම තරගය ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ 100 වැනි එක්දින තරගය වෙයි.