නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වීමේ අවස්ථාව උදාකර ගැනීමට කේන් විලියම්සන් සමත්විය.
ඒ සංචාරක එංගලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ නවසීලන්ත දෙවැනි ඉනිමේදීය.
මෙහිදී රැස්කළ ශතකයත් සමගින් විලියම්සන් සිය ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 7787 ක් දක්වා ඉදිරියට රැගෙන ගියේය. ඔහු ඒ සඳහා ඉනිම් 161 ක් වැය කොට ඇත. ඊට ශතක 26 ක් හා අර්ධ ශතක 33 ක් ඇතුලත්ව ඇත.
මෙහිදී ඔහු විසින් අබිබවා ගියේ නවසීලන්ත හිටපු ක්‍රීඩක රොස් ටේලර් විසින් තබා තිබූ වාර්තාවයි.
ටේලර් ඉනිම් 196 කදී ලකුණු 7683 ක් රැස් කර ඇත. කෙසේ වෙතත් විලියම්සන් විසින් මේ දක්වා රැස්කළ ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 53.33 ක් වන අතර එය නවසීලන්ත පිතිකරුවෙකු ටෙස්ට් තරග වලදී (අවම ඉනිම් 20 ක් ක්‍රීඩා කළ) වාර්තා කළ ඉහළම ලකුණු සාමාන්‍යය වේ.
එමෙන්ම විලියම්සන් ටෙස්ට් ශතක 26 ක් හා ටෙස්ට් ද්විත්ව ශතක 5 ක් රැස්කර ඇති අතර එය නවසීලන්ත පිතිකරුවෙකු රැස්කළ ඉහළම ශතක හා අර්ධ ශතක ප්‍රමාණය වේ.