නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 211ක් පමණී.
මෙය ශ්රී ලංකාව නව වසරේ ජයග්රහණය කළ පළමු තරගය වේ.
තරග 3කින් සමන්විත විස්සයි 20 ක්රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්රහණය කරනු ලැබුවේ නවසීලන්ත කණ්ඩායමයි.