සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා XI කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටින විට ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බව වාර්තා වෙයි.
කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබේ. දකුණු අතේ වෙඳැගිල්ලේ පන්දුවක් වැදීමෙන් ඔහු මෙම ආබාධයට ලක්විය.