ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සී.සී.සී කණ්ඩායමෙන් ඉවත්ව එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම සමග එක්ව තිබේ.
එස්.එස්.සී කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි වන අතර එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ ප්‍රධානීවරයා වන්නේ මහේල ජයවර්ධනයි.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තහනමකට හා මාස 6ක දේශීය තරග තහනමකට ලක්ව සිටියි.
තහනමක් පනවා තිබුණ ද ඔවුන්ට එළඹෙන අන්තර් සමාජ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවට වාර්තා වෙයි.