එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ(MCC) සභාපති ධූරයේ කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ ධූර කාලය (30) දිනයෙන් අවසන් වීමත් සමග නව සභාපතිනිය ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක වන Clare Connor ඊයේ (1) වැඩ භාර ගෙන ඇත.
වසර 234ක් පැරැණි මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිධූරයට පත් වූ පළමු කාන්තාව Clare Connor වීම විශේෂත්වයක්.
කුමාර් සංගක්කාරගේ වසරක ධූර කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණ ද, කොරෝනා වසංගත අර්බුදයෙන් සිදු වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ඔහුට තවත් වසරක ධූර කාල දිගුවක් ලබා දී තිබුණි.
ඒ අනුව සංගක්කාර මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස අඛණ්ඩව වසරක ධූර කාල දෙකක් කටයුතු කළා.
කුමාර් සංගක්කාර යනු එම් සී සී සභාපති ධූරයට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන ලොව පළමු පුද්ගලයායි.