කැන්ඩි ක්රීඩා සමාජය හා සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිත තරගය ප්රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
මෙම තරගය මුලින්ම වෙනත් පිටියක පැවැත්වීමට නියමිතව තිබුණත් අවසන් අවස්ථාවේදී එය වැලිසර පිහිටි නාවික හමුදා පිටියේදී පැවැත්විමට තීරණය කර තිබේ.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මෙම තරගයේදී සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ක්රීඩා කිරීමට නියමිතව තිබේ.
ඔහු තරගයට ක්රීඩා කිරීමට නියමිත හෙයින් මෙසේ තරගය ප්රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර ඇති බව සමාජය තුළ කථාබහක් නිර්මාණය වී තිබේ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද පැවැත්වෙන තරගයෙන් අනතුරුව රග්බි පිටියට සමුදීමට තීරණය කර තිබේ.
යෝෂිත නාවික හමුදා කණ්ඩායමට ක්රීඩා කරන අතර අද පස්වරු 4.30ට නාවික හමුදා කණ්ඩායම සීආර් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතව තිබේ.