ලෝක කුසලාන රග්බි තරගාවලියේ කැනඩාව පරදා ලකුණු 63-00ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. මෙවර ලෝක කුසලානයේදී මේ දක්වා කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ජයග්රහණයද එය විය. 'බී' කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (02දා) පැවැති මෙම තරගයේ ජයග්රහණය, නවසීලන්තය මෙම තරගාවලියේදි ලැබූ දෙවැනි ජයග්රහණයයි.
තරගයේ පළමු අර්ධයේදීම පාලනය සියතට ගල් ප්රබල නවසීලන්තය එම අර්ධය අවසන් වනවිට ගෝල දිනුම් 04ක් සාර්ථක කරගනිමින් ලකුණු 28-00ක් ලෙස ඉදිරියෙන් සිටියේය. දෙවැනි අර්ධයේදීද කැනඩාවට සාර්ථක වීමට කිසිදු ඉඩක් නොතැබූ නවසීලන්තය, ගෝල දිනුම් 05ක් එම අර්ධය තුළදී සාර්ථක කර ගත්තේය. ප්රතිවාදී කැනඩාවට එහිදී කිසිදු ලකුණක් වාර්තා කළ නොහැකි විය.
මේ අතර ඊයේ (02දා) පැවැති තවත් තරගයකින් ඇමෙරිකාව පරදා ලකුණු 33-09ක ජයක් වාර්තා කිරීමට ප්රංශය සමත් විය. 'සී' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිට 12-09ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ප්රංශය සමත් විය. ඔවුන් ගෝල දිනුම් 04ක් හා උත්සාහක දිනුමක් සමගින් ලකුණු රැස් කළ අතර, ඇමෙරිකාව සාර්ථක කරගත්තේ දඬුවම් පහර 03ක් පමණි.