සංචාරක ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.2 කට සීමා කිරීමට විනිසුරුවන් ක්‍රියා කලේය. ක්‍රීඩාංගණයේ තෙත් සහිත ස්වාභාවය හේතුනේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වූයේ පැව තුනහමාරක පමණ ප්‍රමාදයකින් පසුවය. කෙසේ වෙතත් පන්දුවාර 5.2 ක් යැවීමෙන් අනතුරුව 91 වැනි පන්දුවාරයේදී නැවතත් තරගය නතර කිරීමට විනිසුරුවන් ක්‍රියා කලේ අයහපත් ආලෝක තත්වය හේතුවෙනි. ඒ වන විට ශ්‍රී ලකාව කුළු 6 කට ලකුනු 282 ක් රැස් කරගෙන සිටියහ. නොදැවී පන්දුවට පහරදෙමන් සිටි ධනංජය ද සිල්වා ලකුනු 87 ක් හා දිල්රුවන් පෙරේරා ලකුනු 6 ක්ද රැස් කරගෙන සිටියි. ක්‍රීඩාංගණය අවට වැසිබර කාළගුණයක් දිනය පුරාම පැවති අතර ඊයේ (12දා) රාත්රියේදී ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලී තිබිණ. මෙම තරගය වසර 10 කට පසු පාකිස්තානයේ පැවැත්වෙන පළමු අන්තර්ජාතික ටෙස්ට් තරගයද වේ. කෙසේ වෙතත් මෙම තරගයේ පළමු දින 3 ටම ක්‍රීඩා කර ඇත්තේ එක් ඉනිමක් හා පන්දුවාර 91.3 ක් වේ.
සංචාරක ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට කාළගුණයෙන් නැවතත් බාධා පැමිණ ඇත. තරගය පැය තුනහමාරක් පමණ ප්‍රමාද වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ විය. කෙසේ වෙතත් පන්දුවාර 5.2 ක් යැවීමෙන් අනතුරුව 91 වැනි පන්දුවාරයේදී නැවතත් තරගය නතර කිරීමට විනිසුරුවන් ක්‍රියා කලේ අයහපත් ආලෝක තත්වය හේතුවෙනි. ක්‍රීඩාංගණය අවට වැසිබර කාළගුණයක් දිනය පුරාම පැවති අතර ඊයේ (12දා) රාත්රියේදී ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලී තිබිණ. මෙම තරගය වසර 10 කට පසු පාකිස්තානයේ පැවැත්වෙන පළමු අන්තර්ජාතික ටෙස්ට් තරගයද වේ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
ශ්‍රී ලංකාව හා පකිස්ථාන අතර පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ කිරීමට තීරණය කොට ඇත. ක්‍රීඩාංගණය අවට ප්‍රෙද්ශයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භය පැය තුනහමාරක් පමණ ප්‍රමාද විය. කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ආරම්භ කොට ඇත. ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ ඇති ශීතල කාළගුණ තත්වයද නොතකා බොහෝ පිරිස් ක්‍රීඩාංගණයට ඇදී එන අතර උදෑසන පටන් ඇතැම් පාසල් මගින් සිය සිසුන්ට තරගය නැරඹීමට අවස්ථාව හිමිකර දීම විශේෂත්වයකි.
අයහපත් කාළගුණය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීම ප්‍රමාද වී ඇත. ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්රියේදී ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත. කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩාංගණය අවට වැසිබර කාළගුණයක් පවතී. මේ වන කඩුළු 6 කට ලකුණු 263 ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 72 ක්ද දිල්රුවන් පෙරේරා ලකුනු 2 ක්ද ලබා ගෙන සිටියි.
ඡායාරූප - ඕෂිත වරකපිටිය