ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
මෙම තරගය සදහා ශ්රී ලංකාව වෙනස්කම් 3ක් සිදු කර තිබේ. ඒ අනුව ලක්ෂාන් සදකැන්, වනිදු හසරංග හා කසුන් රාජිත වෙනුවට අකිල ධනංජය, ප්රවීන් ජයවික්රම හා රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත.