සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින් මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය. මෙම තරගය කේප්ටවුන් හිදී පැවැත්විණි. මේ සමගින් සිය 6 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමගින් ඔවුන් අඛණ්ඩව තෙවරක් ඒම ශූරතාව දිනාගෙන ඇත.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින්ග් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලාය.
තරගාවලිය පුරාම පිත්තෙන් සාර්ථක වූ ආරම්භක පිතිකාරීනී බෙත් මූනි මෙම තරගයේදීද විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 53 කදී ලකුනු 74 ක් රැස් කලේ හතරේ පහර 9 ක් හා හයේ පහරක් සමගිනි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෂබ්නිම් ඉස්මයින් කඩුළු 2 ක් දවා ගත්තාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිතිකාරිණියන්ට වේගවත් ආරම්භයක් කරා යාමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගෙන් අනුබලයක් නොලැබිණි.
ඒ් අනුව ඔවුන්ගේ පළමු කඩුළු ත්‍රිත්වය ලකුණු 54 ක් තුළ බිද වැටුණු අතර පන්දුවාර 10 ක්ද ඒහිදී ගතවි තිබිණ. නමුත් ආරම්භක පිතිකාරිණී ලූරා වොල්වාට් සමගින් ඒක්වූ ක්ලොයී ට්‍රයෝන් සිව්වැනි කඩුල්ලට පන්දු 37 කදී ලකුනු 55 ක සබඳතාවක් ඒක්කරමින් නැවතත් තරගය දකුණු අප්‍රිකාවට වෙතට රැගෙන ආවෝය. නමුත් ඉනිමේ අවසන්භාගයේදී සිය ඉලක්කය අබිබවාලීමට ඔවුන්ට හැකියාවක් නොලැබිණි. පන්දුයැවීමේදී යැවීමේදී මේගන් ෂුට්, ඈෂ්ලි ගාඩ්නර්, ඩාසි බ්‍රවුන් හා ජෙස් ජොනසෙන් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
අවසන් තරගයේ වීරවරිය ලෙස පිත්තෙන් දස්කම් දැක්වූ බෙත්මූනි සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරවරියට හිමි සම්මානය තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ඈෂ්ලි ගාඩ්නර්ට හිමිවිය