ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (29දා) හෙළි කළේය. ඒ ක්‍රීඩා ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්රදානෝත්සවය ට ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේදී එක්වෙමිනි.
“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව බලන විට ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තිකයින් අනෙකුත් ක්ෂේත්රවල ඉන්න වෘත්තිකයන්ට වඩා විශාල ආදායමක් ලබනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් දිහා බලන විට අනෙකුත් ක්‍රීඩා සංගම් දිහා බලන විට විශාල පරතරයක් තිබෙනවා. අපි ක්‍රීඩාව තුළින් ලබන අධ්‍යාපනය ක්‍රීඩාව තුළ ලොකු වෙනසක් ඇති කරන්න පුලුවන් තැනකට යන්න පුලුවන්.
අපි කණගාටු වෙන්න ඕනේ ඔලිම්පික් දිහා බලනකොට ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ යන ක්‍රීඩකයින් විතරයි අද රටට පදක්කම් ලබා දීලා තිබෙන්නේ. විශාල අඩුවක් තිබෙනවා. අද නගරේ දරුවන්ට වඩා ගමේ දරුවන්ට හැකියාව තිබෙනවා. ඔවුන්ට අවස්ථාව තමයි නැත්තේ.
අපි ආසියාවේ කණිෂ්ඨ තරගාවලියේදී අපේ දූ දරුවන්ගේ දක්ෂතාවය ගැන අපි ආඩම්බර විය යුතුයි. අඩු සම්පත් ප්‍රමාණයකින් පදක්කම් දිනා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා. අනෙක් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු පහසුකම් දිහා බැලුවාම විශාල පරතරයක් තිබෙනවා. පෝෂණය දිහා බලනකොටත් පරතරයක් තිබෙනවා. ඒ පරතරය නැතිකරන්නේ නැතිව අපිට ලෝකයේ ඉදිරියට යන්න බැහැ. අපි සියලු දෙනාම එකතුවෙලා අපේ ඉලක්කෙට යන්න අවශ්‍යයි.
ක්‍රීඩාවේ අද අනෙක් ක්ෂේත්රවලට වඩා බෙදීමක් තිබෙනවා. ක්‍රීඩා සංගම් හැමදාම මගේ කාර්යාලයට එනවා පිල් දෙකක් තුනක් බෙදීගෙන. වෙන වැඩක් නෑ. පොඩි ළමයි වගේ. සමහර අය ක්‍රීඩා සමාජ පාවිච්චි කරන්නේ සමාජේ ඉස්සරහට යන්න. සමහර අය යම් යම් හේතුන් මත ක්‍රීඩා සංගම්වල නිලතල දරනවා.
යම් විදියකට ක්‍රීඩාවේ ශුද්ධ කිරීමක් අවශ්‍ය වෙලා තිබෙනවා. මේ රටේ ක්‍රීඩාව දියුණුකලේ නැත්නම් අපි ප්රගතිශීලි රටක් විදියට හඳුන්වන්න බැහැ. අද ප්‍රධාන වශයෙන් රටවල්වල ජනතාවගේ මානසිකත්වය හදන්නේ ක්‍රීඩාව.තරුණ ජවය ඉස්මතු කරන්න පුලුවන්වෙන්නේ ක්‍රීඩාව තුළින්.
අපේ රටේ හුගක් අය පඩියට විතරයි වැඩ කරන්නේ. වෙනසක් ඇති කරන්න රටට ආදරේ කරන්න අවශ්‍යයි. ක්‍රීඩාවට ආදරයක් තියෙන්න ඕනේ. පුහුණුකරුවෙක් නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදරයක් තියෙන්න ඕනේ. හැමෝම දන්න කාරණයක් තමයි පුහුණුකරුවා ගැන පෙත්සමක් දානවා, නැත්නම් කළමනාකරුට විරුද්ධව පෙත්සමක් දානවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරලා නම් ලැයිස්තුවක් හදනකොට තමන්ගේ දරුවා තේරුනේ නැත්නම් පෙත්සමක් යවනවා. අපි වෙන වැඩ දාලා පෙත්සම් බලන්න ඕනේ. හරි අවාසනාවන්තයි ක්‍රීඩා ක්ෂේත්රයේ සමහර දෙමාපියන්ගේ මානසිකත්වය. තමන්ගේ දරුවාට ලැබුණේ නැතිනම් අවස්ථාව මොනවා හරි දෙයක් කරලා තමන්ගේ දරුවා ඉදිරියට යවන එක තමයි ඒ අයගේ මානසිකත්වය.
මේ අමාත්‍යාංශය තරම් ප්‍රශ්ණ විභාග කරන වෙන අමාත්‍යාංශයක් නැති තරම්. අපිට පෙත්සම් බලන එක තමයි කරන්න වෙලා තියෙන්නේ. මම ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන් ගැන හිතනවාට වඩා අපි රට ගැන හිතන්න අවශ්‍යයි. මේ රට ඉදිරියට යන්න අවශ්‍යනම් තමන් ගැන හිතනවාට වඩා රට ගැන හිතලා වැඩ කරන්න. ඒ වෙනස ඇති කිරීමට තමුන්නාන්සේලා සියලු දෙනාට අවස්ථාවක් තිබෙනවා. ක්‍රීඩාව තුළින් අපි රට ජයගමු.”