ඉදිරියේදී අනිවාර්යෙන්ම තහනම් උත්තේජක පරීක්ෂණ ක්‍රීඩාව තුළ සිදු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසීව.
අද(18දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
දැනට භාවිතා කරන්නේ මුත්‍රා සාම්පල පමණයි. ලෝකයේ මේ වෙද්දි ලේ වලිනුත් පරීක්ෂණ කරන්න පුළුවන්. ඉදිරියේදී කෙසේ හෝ මේ පරීක්ෂණ දෙක යටතේ අනිවාර්යෙන්ම පරීක්ෂණ කරන්න සිදු වෙනවා. අපි ඒ සඳහා කොහොම හරි පෙළඹෙනවා.