දිවයිනට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සි.සී.) ඉම්රාන් කවාජා හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදි සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දේශපාලන බලපෑම් ඇත්දැයි සොයා බැලීමට සඳහා මෙරටට පැමිණ සිටින කවාජා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නිළධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ඔහු කළ දැනුම්දීමකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා හා උප සභාපතිවරයා අතරද හමුව පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේඋපායමාර්ගික ජ්‍යෙෂ්ඨ කළමණාකරු අම්මාර් ෂෙයික්,ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ඒ.මුතුමාල, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද,හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි යන මහත්වරුන් එක්ව සිටියහ.
උක්ත පුවත ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.