දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකත්වය දක්වන හා ඔවුන් රැකබලාගන්න ව්‍යාපාරික ප්‍රජාව වෙත බදු සහන ලබා දීමට ඉදරියේදී කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
ජපානයේ පැවැත්වුනු 18 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇයීමේ උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනපති ලේකම් කාර්යායේදී මෙම උත්සවය ඊයේ පැවැත්විණ.
මෙම උත්වයේදී ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පැවැසුවේ මෙම වසරේ සිට 2024 ඔලිම්පික් උළෙල දක්වා මෙම දක්ෂතා දැක්වූ දරු දැරියන් සඳහා තමා කළ ඉල්ලීම අනුව පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් අනුග්‍රහකත්වය දැක්වීමට හා ඔවුන් රැකබලා ගැනීමට ඉදිරිපත් වී ඇති බවයි.
එසේ අනුග්‍රහය දක්වන පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සඳහා යම්කිසි බදු සහනයක් ලබා දීමට අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යොජනා කරන ලදි. එ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කරන බවයි.