ශ්‍රී ලංකා ක්‍රිකට් හි සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ක්‍රිඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විකාශන සමාගමක් විසින් ලබාදුන් ඩොලර් මිලියන 5.5ක පමුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකට බැර නොකර පුද්ගලික ගිණුමකට බැර කර ගැනීමට උත්සාහක් ගෙන තිබුණ බවට චෝදනාවක් එල්ලවිය.
මෙම පරීක්ෂණය ශ්‍රී ලංකා පොලීසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය මස 10 දා ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී විසින් යොමුකර ඇත.
මේ විමර්ශන කටයුතු තවමත් නිමා වී නොමැති බවට මාධ්‍යයන් හි විවිධ මත පළ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගතවීම වැළැක්වීම සදහා මෙම මූල්‍ය වංචාව පිළිබදව විමර්ශන කටයුතු කඩිනමින් සිදුකර අවශ්‍ය ඉදිරි නෛතික කටයුතු සිදුකිරීමට පියවර ගන්නා අමාත්‍යවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දන්ව තිබේ.