ශ්රී ලංකා ක්රිකට් නිලවරණයේදී හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා 2021 සිට 2023 දක්වා නැවතත් ක්රිකට් සභාපති ලෙස පත්ව තිබේ.
මෙම තීරණය ශ්රී ලංකා ක්රිකට් නිලවරණ කමිටුව විසින් ප්රකාශයට පත් කරන ලදී.
“ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ සභාපතිවරයා ලෙස මාව තෝරා පත්කර ගැනීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. ක්රීඩාවේ දියුණුව සඳහා මගේ පෙර පරිපාලනය විසින් සිදුකරන ලද විශිෂ්ට සේවය අපගේ පාර්ශවකරුවන් තේරුම් ගෙන ඇති බව මෙම ජයග්රහණය මගින් සනාථ වෙනවා” යැයි ඔහු පැවැසීය.