ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව විවේචන ඉදිරියටත් පැවැතිය හොත් තරග වර්ජනය කිරීමක නිරත වීමට සූදානම් බවට තමා පැවැසුවේයැයි සමාජ මාධ්‍ය අතර මේ දිනවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස එවැනි ආකාරයේ වගකීම් විරහිත ප්‍රකාශයක් මා කිසිවිටෙක සිදුකර නෑ. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ජයග්‍රහණය වගේම පරාජයත් එක වගේ දරා ගන්න ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් ආයතන නිලධාරීන්ටත් ශක්තිය තියෙන බව මා සඳහන් කරන්න කැමතියි” යැයි ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කරයි.