ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප එලඹෙන ජනවාරි මස (2020 ජනවාරි) සිට රු. ලක්ෂ 08ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි 'අද'ට වාර්තා වේ.
ඒ අනුව වසරක කාලයක් ඇතුළත ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප වැඩි කළ දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ කාලයේද ඔහුගේ වැටුප සියයට 35කින් වැඩි කිරීමට පියවර ගෙන තිබුණු අතර එම කාලය තුළම ඔහුට නව මෝටර් රථයක් ඇතුළු වෙනත් පහසුකම් රාශියක් ලබා දී ඇත. මෙවර ඔහුගේ වැටුප වැඩි කර ඇත්තේ රු. ලක්ෂ 03ක වැටුප් පරිමාවකිනි. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ ඉහළම වැටුප ලබන නිලධාරියා ලෙස ප්‍රධාන විධායක නිලධාරියා පත්ව තිබේ.
මේ අතර කමිටු සහ පරිපාලන කමිටු සම්බන්ධීකාරිනියක ලෙස සේවය කළ රායි රේමන්ඩ් මහත්මියගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට වත්මන් ක්‍රිකට් පරිපාලනය කටයුතු නොකිරීම නිසා ඇය අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇතැයිද වාර්තා වේ. පසුගිය පළමුවැනි දින සිය ඉල්ලා අස්වීම ක්‍රිකට් ආයතනය වෙත ලබාදුන් ඇය ලබා නොගත් වාර්ෂික නිවාඩුද ලබාගනිමින් මෙලෙස සේවයට සමු දී තිබේ.
වසර 04කට ආසන්න කාලයක් ක්‍රිකට් ආයතනයේ සේවය කළ රේමන්ඩ් මහත්මිය, ඒ අතරතුර ජනමාධ්‍ය පශ්චාත් උපාධිය සහ උපායමාර්ගික අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධිය මැලේසියාවේදී හැදෑරීමට පියවර ගෙන තිබේ.