ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනට නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පෙබරවාරි මස 07 වැනිදා දක්වා පමණක් කාලය ලබා දී තිබේ. නමුත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිලවරණය ලබන 21 දා තෙක් කල් දැමීමට තිරණය කළේය.
“අපි ඡන්දයකින් තෝරා ගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට කලින් අයි.සී.සී.යට යැව්වෙ නැත්නම් අපිව අත්හිටුවයි. එහෙම වුණොත් ජූනි මාසයේදී පැවැත්වෙන මහා සභාවේදී අපේ සාමාජිකත්වය නැති වෙයි. අපිට නැවතත් සාමාජිකත්වය ලබා ගන්න සිද්ධ වෙන්නෙ '2020 ජුනි මාසයෙන් පස්සේ.' ඒ ගන්න වෙන්නෙත් ඡන්දයකින් තෝරා ගත්ත කමිටුවකින් ඒකට ඉල්ලීමක් කරලා.” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.