ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිත නිලවරණය සඳහා නිලවරණ කමිටුව නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව,
අභියාචනාධිකරණයේ විශ්‍රාම විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය,
විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය,
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරී සුනිල් සිරිසේන මහතා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට නම්කර තිබේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ මැයි මස 20 දින පැවැත්විමට නියමිතය.