ක්‍රිකට්, දැල්පන්දු ඇතුළු මෙරට ක්‍රීඩා තේරීම් කමිටු වඩාත් ස්වාධීන කිරීම සඳහා නිසි නිර්ණායක ඇතුළත් ගැසට්පත්‍රයට අදාළ කරුණු ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාකච්ඡා කළ බවත්, ඉතා ඉක්මනින් අදාළ තේරීම් කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජික හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (15දා) සුගතදාස හෝටල් පරිශ්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එමෙන්ම මේ වන විට පවතින තේරීම් කමිටුවලට එම ධුරවල කටයුතු කරගෙන යාමේ අවස්ථාව සලසා දී ඇති බවත්, මෙම සතිය නිමා වන විට නව තේරීම් කමිටු සඳහා අදාළ වන ගැසට්පත්රය අමාත්‍යවරයා නිකුත් කරනු ඇති බවත් හෙතෙම පවසා සිටියේය.
මෙහිදී තේරීම් කමිටු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් ජයසුරිය මහතා,
&ක්‍රිකට්, දැල්පන්දු ඇතුළු තේරීම් කමිටු පත් කිරීමට අපි සාකච්ඡා පවත්වමින් සිටිනවා. කෙසේ වෙතත් නව රෙගුලාසි පැමිණෙන්නේ ක්‍රිකට් සහ දැල්පන්දුවලට පමණක් නෙවෙයි. සියලුම ජාතික ක්‍රීඩා සංගම් සඳහා මෙම රෙගුලාසි අදාළ වෙනවා* යැයි පවසා සිටියේය.
මේ අතර එම මාධ්‍ය හමුවේදී නැවත ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය භාරගැනීමට අදහසක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් හිටපු ක්‍රිකට් නායකයා,
&මම දැනට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයෙක්. අපි ස්වාධීන කමිටුවක් ලෙස වැඩකටයුතු කරගෙන යනවා. ක්‍රිකට් තේරීම් කමිටුවට හෝ එහි සභාපති ධුරයට පැමිණීමට දැනට අදහසක් නැහැ. මට අමාත්‍යවරයා ලබාදුන් වගකීම හරිහැටි ඉටුකිරීමට මම බැඳී සිටිනවා. ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදුන් නාමයෝජනා 10 අපි ප්‍රතික්ෂේප කරලා නැහැ. අපි කිව්වේ තවත් ක්‍රිකට් ක්‍රීඩා කරපු අයටත් අවස්ථාව ලබාදිය යුතුයි කියලයි. ඒ නම් දහය ඇතුළුව තවත් නම් කැඳවීමට ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නවා& යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.