ක්‍රිකට් තරග පැරදීමේ වගකීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් භාරගත යුතු බවත්, ක්‍රීඩා ඇමැති ක්‍රීඩා 63 න් එකක්වත් නිසිපරිදි සකස්කර නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ක්‍රිකට් පාලක මණ්ඩලය තෝරාපත් කරගැනීමේ නිලවරණය අමාත්‍යවරයා හිතාමතා කල් දමමින් සිටින බවත් එම අපරාධයේ ප්‍රතිඵල ලැබී තිබෙන බවද පවසා සිටියේය.
අද (20 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිතාමතාම නිලවරණය කල්දමමින් තිබෙන බවත් නිලවරණය වහාම පවත්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා දෙක තුනකදී ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙන බවත්ය.
පනත වෙනස් කිරීමට, බලතල වෙනස් කිරීමට කෙටුම්පත් සකස් කරමින් වංචාවෙන් ඡන්දය පැවැත්වීම කල් දමමින් තිබෙන බවත් සිදුකළ මෙම අපරාධයේ ප්‍රතිඵලය ක්‍රිකට් තරග පරාජය වීම බවද පවසා සිටියේය.