බංග්ලාදේශ තරග සංචාරය නිමාකරමින් දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නිරෝධායන කාළ සීමාව අවසන් කරමින් තම නිවෙස් වෙත පිටත්ව ගොස් සිටින්නේ ද එසේ නොමැතිනම්, ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කළ තාක්ෂණික කමිටුවේ නිර්දේශ අනුව සකස් කළ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණ සිටින්නේ ද එසේත් නොමැතිනම් ක්‍රීඩකයින් නැවතී සිටින ටාජ් හෝටලයේම එම සාකච්ඡාව සිදුවන්නේ ද යන්න නිශ්චිතව සොයා ගැනීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැත.
කෙසේ වෙතත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, තාක්ෂණික කමිටුවේ සමාජිකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් කිහිප දෙනෙකු අතර ටාජ් සමුද්‍රා හෝටලයේ දැඩි උණුසුම් සාකච්ඡාවක් සිදුවන බවයි. දෙපාර්ශවයම මේ අවස්ථාව වනවිටත් කිසිම එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තාවේ.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම එංගලන්ත තරග සංචාරය සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදණවල සඳහන් විණි. ඒ අනුව හෙට (08දා) තරගාවලියට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පිටත්ව යන්නේ නම් ඒ සඳහා සහභාගීවන අවසන් සංචිතය අද දිනයේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය.
මේ අතර ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරැ වාර්තා කර සිටියේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් සහ එංගලන්ත තරග සංචායට සහභාගීවන ක්‍රීඩකයින් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට සහ තරග සංචාර ගිවිසුමට අත්සන් නොකර දිවුරැම් ප්‍රකාශයක් පමණක් ලබාදී තරගාවලියට සහභාගිවීමට සුදානමින් සිටින බවයි.