ශ්රී ලංකා සියලුම ක්රිකට් ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්රේක්ෂකයන්ට දැනෙන වේදනාව මෙන්ම කළකිරීමද දැනෙන බවත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා පවසයි.
ඇෆගනිස්තාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසුව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
“අමාරුම බස් ගමනය. අබුඩාබිවලින් පැමිණීම අමිහිරි මෙන්ම සත්තකින්ම වේදනාකාරීයි. කලකිරීම ගැන කියන්න වචන නෑ. නිවසට පැමිණීම මහත් වේදනාකාරීයි.
ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.
බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානව හොඳින් ක්රීඩා කළා. අපිට උපරිමය දෙන්න බැරිවුණා. එංගලන්ත තරගාවලියට හොඳින් එන්න බලාපොරොත්තුවෙනවා. මම දන්නේ නෑ.”